නීති විරෝධී ලෙස රුපියල් 8 කෝටි අසූ ලක්ෂයක් වටිනා දේශීය සහ විදේශීය මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට සුදානම් වු ශ්‍රී ලාංකික යුවලක් කටුනායක ගුවන්තොටුපල රේගුව ඊයේ අත්අඩංගුවට ගත්තා.දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 ක් සහ 22 වෙනවා.මේ අතර අදාළ ගුවන් යානයෙන්ම ඩුබායි බලා යාමට පැමිණ සිටි තවත් මගියෙකු පරීක්ෂා කිරීමේදී ගමන්මල්ලේ සඟවා තිබූ වල්ලපට්ටා තොගයක් සොයාගැනීමට ගුවන්තොටුපොළ රේගුව සමත් වුනා.54 හැවිරිදි වියේ පසුවන අතර ඔහුත් දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.එහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් බවයි වාර්තා වන්නේ.