වසර 26කට පසු අලුත් කළ වාර්තාව Video


ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් නව ක්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට සමත්ව තිබෙනවා.ඒ, දෙරට අතර ඊයේ පැවති තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින්.කුල්දීප් යාදෙව්ගේ මෙම කඩුලු ත්‍රිත්වය වර්තා පොත් අතරට එක් වුනේ ඉන්දීය ක්‍රීඩකයෙකු වසර 26කට පසු එක්දින තරඟයක් තුලදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු අවස්ථාව බවට පත්වෙමින්.වමතින් චයිනමන් පන්දු යවන්නෙකු වන කුල්දීප් යාදෙව් සිය 09 වන ජාත්‍යන්තර එක්දින තරඟයේදී මෙම දස්කම දැක්වීම විශේෂත්වයක්.ඊයේ පැවති තරඟයේදී යාදෙව් පන්දු වාර 10ක් තුල ලකුණු 54කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මැතිව් වේඩ්, ඈෂ්ටන් ආගර් සහ පැට් කමින්ස් කුල්දීප් යාදෙව්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත්වුණා.ඉන්දියාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා වුයේ දකුණත් මද වේග පන්දු යවන්නෙකු වූ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක කපිල් දේව්.1991 වසරේදී ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයකදී කපිල් දේව් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු ත්‍රිත්වයක් බිඳ හෙලමින් මෙම දස්කම දක්වා තිබුණා.කුල්දීප් යාදෙව්ගේ කඩුලු ත්‍රිත්වය පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *