විනූ මේ දිනවල හැඩකාර රංගනයක යෙදෙන්නේ ‘රතු පිච්ච’ නාට්‍යයේ ද්විත්ව චරිතයක් සමගය. මේ විදියට හමුවන මේ ටෙලි තාරකාව ක‍්‍රිකට් තරුවකට ඇති සම්බන්ධය මොකක්ද? විනු උදානි සිරිවර්ධන හෙවත් මේ දිනවල නම් වැඩිදෙනා අතර ‘නිකිණි සහ මායා’ වූ ඇයගෙන් ඒ අපි ඒ ගැන විමසමු.ක‍්‍රිකට් තරුවක් සමග විවාහ වෙන්න යනවාය කියන කතාව මොකක්ද?ක‍්‍රිකට් තරුවක් සමග කිසිම සම්බන්ධයක් නම් නැහැ. ඒත් අපේ පවුලට ඥාතීත්වයක් ඇති ක‍්‍රිකට් තරු කීපයක් නම් සිටිනවා. කියමුකො කවුද කියලා ඒ අය?අර්ජුන අපේ අම්මගෙ පවුලේ ඈත ඥාතීත්වයක් තියෙනවා. ඒ වගේම චරිත් සේනානායක, තිලාන් සමරවීර, ඩිල්ෂාන් මුණවීර අපේ පවුලට ඥාතීත්වයක් තියෙනවා.එතකොට මේ ක‍්‍රිකටර් කෙනෙක් එක්ක විවාහ වෙන්න යන කතාව බොරුවක්?අපෝ ඔව්, එහෙම දෙයක් ගැන හිතලාවත් නැහැ.ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආසත් නැද්ද?ක‍්‍රීඩාවක් විදියට ක‍්‍රිකට්වලට කැමතියි. ඒත් මම ලොකු ක‍්‍රිකට් රසිකාවියක් නම් නෙවෙයි.පෙම්වතා ක‍්‍රිකටර් කෙනෙක් නෙවෙයි නම් පෙම්වතා කවුද?අවශ්‍ය වෙලාව ආවාම කියන්නම්.