‘අපි මුහුණදුන් අභියෝගයටම පාකිස්ථානයටත් මුහුණ දීමට සිදුවේවී..මම සූදානම් ‘ -රංගන


ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සමුගැනීම පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී තිබෙන තත්තවයට සමාන තත්ත්වයක් පාකිස්තානයේ හිටපු සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වූ මිස්බා උල් හක් හා යූනිස් ඛාන් සමුගැනීමෙන් පසු පාකිස්ථානු කණ්ඩායමටද මුහුණු පෑමට සිදුවේ යැයි ශ‍්‍රි ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක‍්‍රීඩක රංගල හේරත් පවසනවා.ක‍්‍රික් බස් වෙබ් අඩවිය සමග සාකච්ජාවකට එක්වෙමින් රංගන හේරත් එසේ පවසා සිටියා.
‘ඔවුන් දෙදෙනා ක‍්‍රිඩා නොකරන එක අපිට විශාල සහනයක්.. ඔවුන් දෙදෙනා ගොඩක් අත්දැකීම් ඇති ඉතාමත් විශිෂ්ට ක‍්‍රිඩකයින් දෙදෙනෙක්.
දග පන්දුවට ඔවුන් ඉතාමත් හොදින් පහරදෙනව වගේව කිසිම වෙලාවක විකට්එක ලේසියෙන් දෙන්නෙ නෑ.අපිට මහේල සංග නැතිව මුහුණු දුන්නු අමාරු කාලයම ඔවුන්ටත් මුහුණ දීමට සිදුවේවි..ඔවුන් ඉන්නේ ශ්‍රේණිගත කිරීමවල හයවැනි ස්ථානයේ..අපි ඉන්නෙ හත්වැනි ස්ථානයේ..ඒක නිසා මේ තීරණාත්මක තරගාවලියක් වෙිවි..ඉන්දියානු සංචාරයේදී අපි අසාර්තක වුනත් අපේ හැකියාවන් යළි පෙන්වීමට මේක හොද අවස්ථාවක්..පාකිස්තානයේ ගොඩක් දක්ෂ තරුණ ක‍්‍රීඩකයින් සිටිනවාමම බලාපොරොත්තු වෙනවා ඔවුන්ට හොද අභියෝගයක් එල්ල කරන්න..’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *